සීගිරිය
කියන්නේ මම ගොඩක් කැමති තැනක්. විශ්මය දනවන මෙම නිර්මානය ඉදිකර ඇත්තේ ක්‍රි.පු. 477 දී කාෂ්‍යප රජු විසින්.පියා මරූ
රජකෙනෙක් හැටියට ඉතිහසයට එක්වුනත් කාෂ්‍යප රජු ඉතා විශිෂ්ට සෞන්දර්ය වාදියෙක් කියල
සිගිරිය දිහා බැලූ ගමන් වැටහෙනව. හෙක්ටයාර 1.5 ක පමණ භූමි භාගයක් පුරා දිය අගල්, පවුරු, පොකුණු, මාළිග, මං පෙත් ආදී වූ සියළු අංගයන්ගෙන්
සමන්විත ඉතා දියුණු නාගරික ලක්ෂණයන්ගෙන් යුත් පුරවරයක් වශයෙන් සීගිරිය ගොඩනගා ඇතිබැවි දැනට ඉතිරිව ඇති නටඹුන් තුළින් විද්‍ය්යාමාන වෙනව. මෙම පර්වතය තැනිතලාවේ සිට
අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි ගල් හා ගෙඩාල්සංයුක්තයි. පිහිටා තිබෙන්නේ කොළඹ-ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9 ක් පමණ උතුරු දෙසට යනවිට ය.
ලෝක ඉතිහාසය හා සන්සන්දනය කරත්දි වර්ථමානයේ බොහෝ දියුනු ජාතීන් නොදියුනු මට්ටමක සිටිත්දි සිගිරිය වගේ දැවැන්ත , කලාත්මක රාජධානියක් නිර්මනානය කල තාක්ශනය පිලිබද පුදුමයි. සීගිරි රාජධානියේ ඇති වැදගත්කම නම් ඉතා සංකීර්ණ වූ ජලවහන පද්ධතියක් ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වීම. විශේෂයෙන් අදටද රහසක්ව පවතින සීගිරි පර්වතය මුදුනට ජලය ගෙන යාමේ සිට, දිය අගල්, පොකුණු, දිය මල් ආදී වූ නිර්මාණ රාශියක් සීගිරිය ආශ්‍රිතව දැක ගන්න පුලුවන්. විශේෂයෙන් සීගිරිය ආරක්ෂිත බලකොටුවක් වශයෙන් සංවර්ධනය කළ නිසාවෙන් විශාල වශයෙන් සීගිරිය අවට දිය අගල් වලින් ආවරණය කර තිබේනව. ඒ හැරුණු විට උද්‍යාන නිර්මාණයේදී වෙනමම ජලෝද්යානයක් සීගිරිය තුළ දැකගන්නත් පුළුවන්.. මේ ප්‍රදේශය තුළ ස්වභාවිකව පිහිටි ගල් හාරා නිර්මාණය කළ පොකුණු මෙන්ම කෘතිමව නිර්මාණය කළ පොකුණුද තියෙනව. එය අදටද පවා යෝග්‍ය වූ උසස් නගර සැලසුම් ශිල්පයන් මත ඉදි වී ඇති බැව් නූතන ඉංජිනේරුවන්ගේ මතයයි.
මීට අමතරව සීගිරිය තුළ අදටද වර්ෂා කාලයේදී ක්‍රියාත්මක වන දිය මල් දැක ගත හැක. විශේෂයෙන් පර්වතය මුදුනේ සිට පහලට ගලා එන ජලය පීඩනයට ලක් කරමින් එම ශක්තිය තුළින් ක්‍රියාත්මක වන ආකාරයෙන් මෙම දිය මල් නිර්මාණය කර ඇත. මේ ආදී වූ සෑම නිර්මාණයක් තුළින්ම කියා පාන්නේ අතීත වාරි නිර්මාණ ශිල්පියා සතුව තිබූ හැකියාව කොතරමිද යන්න පිළිබඳවයි.
සීගිරිය ප්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ලංකාවේ විශිෂ්ටතම චිත්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තීන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත. ඉන් පසු එම තතතුරට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි
සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව කරවිසමිකව විකාශය වූ ආකාරයත් මෙම කුරුටු ගී පෙන්වනව.
සීගිරිය කියනේ අපේ අතීත ප්‍රොඩත්වය කියාපාන ජීවමාන සාක්ශියක්. ඉතිහාසය පාඩමක් කරගෙන ගොඩනැගිය යුතු ජාතියක් සීගිර්ය වගේ නිර්මාණයක් අශ්වාදයක් පමනක් කරගැනීම කනගාටුවට කාරනයක්. ලෝක උරුමයක් වුනත් සීගිරිය රැකගැනිම පිලිබද අදාල බලධාරීන් ක්‍රියාකරන ආකාරය සතුටු වෙන්න බැහැ. කෙසේ වෙතත් මෙවැනි නිර්මාණයක් බිහිකිරීම පිලිබද සීගිරි කාශ්ෂප රජතුමාටත්, නිර්මාණ කටයුතු කල නම් ගම් නොදන්නා ඉජිනේරුවන්, කලාකරුවන් සියළු දෙනාටත් ජාතියේ ප්‍රනාමය හිමිවෙනව.
චාමර නාකන්දල - Chamara
Nakandala
No comments:
Post a Comment